ජීවිතය සහ මරණය සමඟ අරගල කරන මිනිසුන්ගේ සහන මල්ල ටත් සීමා දමනවා නම් එම ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහා ගත හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත් සහ නිරෝධායනයට යොමුකළ පවුල්වලට සහන සැලසීමේ අරමුණින් ලබාදෙන රුපියල් 10,000ක් වටිනා බඩු මල්ල අඩු ආදායම් ලාභී පවුල්වලට පමණක් ලබාදීමට පසුගියදා (23) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබයි.
කොරෝනා වසංගතයෙන් වැඩියෙන්ම පීඩා විදින රටවල් අතරට රට පත්ව ඇත්තේ ආණ්ඩුවේ හිතුවක්කාර ක්‍රියා පිළිවෙත නිසා බවත් ජනතාවගේ ගෙල සිරකොට හෝ සිය අරමුණු ඉටු කර ගැනීමට මෙම ආණ්ඩුව දෙවරක් නොසිතන බවත් විපක්ෂ නායකවරයා සඳහන් වනවා.
ඔහු පෙන්වා දෙන්නේ ආහාර වියදම දරා ගැනීමේ ශක්තිය අතින් ලොව දුප්පත්ම රටවල් පහ 5 අතරට එක් වී ඇති මෙරට ජනතාව සිය වැටුපෙන් 66%ක් ආහාරවලට වැය කරන තත්ත්වයට රට පත් කර ඇති බවයි.
වෙනත් රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කිරීම සඳහා සහන පැකේජ පවා හඳුන්වා දී ඇති පසුබිමක මෙම ආණ්ඩුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පෙර කවරදාටත් වඩා ඉහළ දමා ඒ හරහා තම ගජමිතුරන්ට සහන ලබා දී ඇති බව විපක්ෂ නායකවරයා පවසනවා.
මෙතරම් පීඩා විඳිමින් සිටින ජනතාවට තවත් කැපකිරීම් කරන ලෙස ආණ්ඩුව පැවසීම ඉතාමත් සාහසික ඉල්ලීමක් බව අද විපක්ෂනායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.