රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියේ රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් හොඳ තත්වයක පවතින බවය. කවුරු මොනවා කිව්වත් රට සම්පූර්ණයෙන්ම විවෘතව තබනවාට වඩා මේ ආකාරයට හෝ වසා තිබීම ප්‍රතිඵලදායක බව වෛද්‍යවරයා පැවසූවේය.
තවදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ මෙවැනි තීරණ ගන්නා විට රටේ ආර්ථික ගැන අවධානය යොමු කළ යුතු බවත් කර්මාන්ත ශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පවත්වාගෙන යෑම එතරම් ගැටලුවක් නොවන බවත් සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කිරීමට සිදුවේද යන්න ගැන තමන්ට කිවනොහැකි බවත් දැනට ක්‍රියාත්මක වන විදියේ ප්‍රතිඵල සති දෙකකින් ලබාගත හැකි බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.