ඉදිකරමින් තිබූ නිවසක ගල් බැම්මක් ඇඟට වැටී 9 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි .
අළුත්ගම පොලිස් වසමට අයත් දර්ගානගරය වැලිපිටියේ පදිංචිව සිටි මොහොමඩ් රිස්ලාන් මොහොමඩ් අස්ජඩ්(9) නමැති දරුවෙක් මෙසේ මියගොස් ඇත.
මූලික විමර්ශන සිදුකළ පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇති දරුවා සිය බාල සොයුරන් දෙදෙනා සහ වැඩිමල් සොයුරා සමග තම නිවසේ,සෙල්ලම් කරමින් අතර තුර සැඟවෙන්නට යාබද ඉදිකරන නිවසේ බ්ලොග් ගල් බිත්තියක් ඇල්ලීමට යාමේදී එම බිත්තිය මෙම දරුවාගේ ඇඟ මතට වැටී බරපතළ තුවාල ලබා ඇති බවයි. ඉන්පසු ප්‍රදේශවාසීන් එක්ව මෙම දරුවා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.