නිවෙස්ගත ප්‍රතිකාර ලබන බවට ලියාපදිංචිව සිටින කොවිඩ් ආසාදිතයන් 2,000කගේ පමණ දුරකතන අංක නිසි ලෙස සම්බන්ධ කර ගත නොහැකි අතර, ඉන් 1,000කගේ පමණ දුරකතන අංක වැරැදියට දී ඇතැයි ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.
පීසීආර් හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයන් කරන විට රෝගීන් හැමිවටම නිවැරැදිව දුරකතන අංක දීම වෛද්‍යවරුන්ට පහසුවක් වන බවත් ඇය පැවසුවාය.
එසේම කොවිඩ් ආසාදිතව නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ට 1390 දුරකතන අංකයට සම්බන්ධව අවශ්‍ය වෛද්‍ය උපදෙස් ගත හැකි වනුයේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචිව සිටින්නේ නම් පමණක් බව වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් කීවාය.
තමන්ට කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමෙන් පසුව ඔවුන්ගේ නිරීක්ෂණයෙන් අනතුරුව අදාළ ලියාපදිංචි කිරීම කරන බවද ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
කොවිඩ් ආසාදිතව නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුව සිටි පුද්ගලයන් 16,282ක් සුවය ලබා ඇති බවත් තවත් ආසාදිතයන් 5,110ක් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් ඇය ප්‍රකාශ කළාය.
නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය අධීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 28ක් සහ වෛද්‍යවරුන් 900ක පමණ කණ්ඩායමක් ඇති බවත් ඉදිරි සති කිහිපය තුළ වෛද්‍ය කණ්ඩායම 1,500ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවත් ඇය කියා සිටියාය.
කරුණු ගණනාවක් සැලකිල්ලට ගෙන කොවිඩ් ආසාදිතයන් නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු කරන බවත් ආසාදිතයා රෝහල් ගත කරන්නේද, නිවෙස්ගත ප්‍රතිකාරයට යොමු කරන්නේද යන්න තීරණය කරනුයේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බවත් ඇය ප්‍රකාශ කළාය.
සෞක්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් වෛද්‍යවරිය මෙම කරුණු දැක්වූවාය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




