තවත් පාර්ලමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙකකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු විය.
මන්ත්‍රීවරයා මාතලේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවත් රෝහණ දිසානායක මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරමින් කියා සිටියේ තමා සමඟ පසුගිය දිනවල ගැටුණු හෝ සමීපවුණු සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග වලට යොමුවන ලෙසය.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාට කොරෝනා ආසාදිත වී ඇතිබව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චිට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අද (06) උදෑසන තහවුරු වී තිබේ.




