රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ මහතා පැවසුවේ රත්නපුර ශික්‍ෂණ මහ
රෝහලේ 03 දා සිට සිට හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කළ බවයි.
අධ්‍යක්ෂකවරයා
පවසන පරිදි මෙම ආපදා තත්ත්වය යටතේ සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා
ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දැමීමට සිදු වන
බවය .
රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නමුත් අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල ම කල්දමා ඇත.
මේ අතර නේවාසිකව රෝගීන් 80කට පමණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් ඇති රත්නපුර නව නගරයේ පිහිටි ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.
සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරේ දැනට රත්නපුර ශික්ෂණ රෝහල කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරී පැවතීම හේතුවෙන් ආයුර්වේද රෝහල මෙලෙස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පත් කළ බවයි.






