සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් වුනා.
මෙහිදී ශතකයක් වාර්තා කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත්ව තිබෙන අතර මේ අවිශ්ක වාර්තා කළ සිය එක්දින ක්‍රිකට් දිවියේ තෙවන ශතකයයි.
පන්දු 106කට මුහුණ දුන් අවිශ්ක හතරේ පහර හතක් සහ දැවැන්ත හයේ පහර 2ක් සමග සමග ලකුණු 118ක් රැස්කර මෙම ශතකය වාර්තා කිරීම විශේෂත්වයක් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත අසලංක ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුණ අතර ධනංජය ද සිල්වා ලකුණු 44ක්, මිනෝද් භානුක ලකුණු 27ක් රැස්කර ගැනීමට සමත් වුනා.
තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 301ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.