2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ තනි අපරාධයක් නොවන බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පවසනවා.
පොලිස්පතිවරයා සඳහන් කලේ දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට මෙය පෙනීයන බවත් එය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී මේ බව පැහැදිලි වන බවයි.
පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා
මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවද ඔහු පෙන්වාදෙනවා.
ඒ හේතුවෙන් ඒ පිළිබඳව තොරතුරු මහජනතාව ට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවයි පොලිස්පතිවරයා කියාසිටියේ
ඔහු පෙන්වා දෙන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.