කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ රට වසාදැමීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ අවස්ථාවේ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් එහි නොසිටි බවයි.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙම තීරණය ගනු ලැබූ පසුගිය සතියේ කැබිනට් රැස්වීමට මෙම අමාත්‍යවරුන් පැමිණ සිටියත් ඔවුන් එය අවසන්වීමට පෙර පක්ෂනායක රැස්වීමක් සඳහා පිටව ගිය බවත් එදින කැබිනට් මණ්ඩල රැස්වීම රාත්‍රී 10.10 පමණ වන තුරු පැවති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂ නායක රැස්වීමක් එදින රාත්‍රී 8.00ට කැඳවා තිබූ නිසා පක්ෂ නායකයින් ද වන මෙම අමාත්‍යවරු රාත්‍රී 9.00ට පමණ ඉන් පිටව ගිය බවත් ඇමතිවරයා කීවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ රට වසා නොදැමීමට අමාත්‍ය මණ්ඩලය ඒකමතික තීරණයක් ගන්නා විට ඔවුන් ඉන් පිටව ගොස් සිටි අතර රාත්‍රී කාලයේ දී අදාළ තීන්දුව එම තිදෙනාට දැනුම්දීමට හැකියාවක් නොතිබූත් ඔවුන් එදින පැවති පක්‍ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව රට වසා දමන්නැයයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබූ බවද ඇමතිවරයා කීවේය.
ලෝකයේ ඕනෑම සන්ධාන දේශපාලනයක් තුළ විවිධ මතගැටුම්, යෝජනා, අදහස් ක්‍රියාත්මක පවතින බව කී ඩලස් අලහප්පෙරුම මහතා වත්මන් ආණ්ඩුව අභ්‍යන්තර අර්බුදයක් ගැන කතා කිරීමට තරම් ආණ්ඩුව රෝගී වී නැති බවත් එය නිරෝගී ආණ්ඩුවක් බවත් ප්‍රකාශ කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.