දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරඟයේ කාසිය වාසිය දිනූ අතර පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙහි දී නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ද ධනංජය ද සිල්වා ලකුණු 44ක් ද ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් රැස් කිරීමට සමත්විය. එමෙන්ම චරිත් අසලංක පන්දු 62කදී ලකුණු 72ක් රැස් කළේය.
පන්දු යැවීමේදී කේෂව් මහරාජ් සහ කගිසෝ රබාඩා කඩුලු 2ක් ද ඒඩන් මාර්ක්‍රම්, සහ ටබ්රායිස් ෂම්සි එක් කඩුල්ලක් බැගින්ද දවාගත්තේය.
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට පිළිතුරු ඉනිම ලෙස පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඒඩන් මාක්‍රම් ලකුණු 96ක් රැස්කළ අතර රසී වෑන් ඩර් ඩුසන් ලකුණු 59ක් රැස්කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී, අකිල ධනංජය කඩුලු 2ක් දවාගත් අතර ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.
තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.