කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිගේඩියර් සුසන්ත උදයසේන මහතා ඊයේ රාත්‍රී (02) මිය ගොස් තිබෙනවා.
ඒ් මහතා මෙරට කොවිඩ් ආසාදිතව මේ වන විට මිය ගිය යුද හමුදාවේ ඉහළම නිලධාරියායි.
ඔහුට කොවිඩ් හා ඩෙංගු රෝගයත් එකවරම ඔහුට වැලදී ඇති අතර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලමමාන් සිටියදී මෙසේ මියලොස් තිබෙනවා.
යුද හමුදාවේ පර්යේෂණ විශ්ලේෂණ, ප්‍රක්ෂේපණ සහ සංවර්ධන ශාඛාවේ සුදත් උදයසේන මහතා සේවයේ නිරතව සිටි අතර නව නිපැයුම් රැසක් ඔහු යටතේ එළිදක්වා තිබීම විශේෂිතය.
බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා වසර 31 ක් යුධ හමුදාවේ රාජකාරි කළ නිලධාරියෙක් වන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ නිලධාරියෙකි.
කොළඹ මාලඹේ ප්‍රදේශයේ පදිංචි එමහතා මිය යන විට 53 වැනි වියේ පසු විය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.