මාතර, වරකාපිටිය ප්‍රදේශයේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් "සන්ෂයින් සුද්දා" නමැත්තා වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.
අද දහවල් 11.55 ට පමණ මාතර, කොටපොල පොලිස් බලප්‍රදේශයේ වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කැළෑබද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු මොහුට වෙඩිතබා ඇති බව දඔහුට වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
සන්ෂයින් සුද්දා සිය අනියම් බිරිය මුණ ගැසී ගමන් කරමින් සිටියදී එම මෝටර් රථයේ රථ දෙකක් ගැටීමට සලස්වා අනතුරුව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ටී 56 අවියකින් වෙඩි තබා ඇති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.
ඔහු 31 හැවිරිදි මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අමිල ප්‍රසන්න මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් වන අතර දකුණු පළාතේ සිදුවූ මත්ද්‍රව්‍ය, ජාවාරම් රැසකට මොහු සම්බන්ධ බවද පොලිසිය සඳහන් කළේය.
වැලිගම පිහිටි සන්ෂයින් හෝටලයේ හිමිකරු වන සන්ෂයින් සුද්දාට ධීවර යාත්‍රා 20 කට වැඩි ප්‍රමාණයක හිමිකම් ඇතැයි බුද්ධි අංශ පසුගිය දිනවල රැස්කරගත් තොරතුරුවල සඳහන්ය. මාකදුරේ මධුෂ්ගේ මෙරට දෝපොල රැසක් නඩත්තු කළේ යැයි කියැවෙන්නේ සන්ෂයින් සුද්දා බැවින් බුද්ධි අංශ කාලයක් තිස්සේ ඔහු පසු පස පන්නමින් සිට තිබේ.
මාකදුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට ගොස් ඩුබායි පොලිස් අත්අඩංගුවටද පත්වි ය. මෙරටට පිටුවහල් කර බන්ධනාගාරතව සිටි ඔහු ඇප ලැබීමෙන් අනතුරුව 2020 වසරේ මැයි 30 වෙනිදා වැලිගම ධිවර වරාය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්විය.
එහිදී අතකට වෙඩි වැදී ඔහු දිවි බේරා ගන්නා අතර පසුව හෙළිවන්නේ ඒ වන විට ඉන්දියාවේ රැදී සිටි අංගොඩ ලොක්කාගේ සැළසුමකට අනුව හරක් කටා සහ අතුරුගිරියෙන් වැලිගමට පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකල බවයි.
එම වෙඩි තැබීමෙන් පසු සන් ෂයින් සුද්දාගේ ගෝල බාලයින් හරක් කටාව සොයන්නට ගැනීමත් සමග ඔහු ඩුබායි රටට පළා ගිය අතර මේ වන විට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින හරක් කටාට අයත් මත්කුඩු ජාලය බිද වැටෙමින් ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැලිගම සහ මිදිගම ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට මහා පරිමාණයේ මෙහෙයුම් දියත්කරන බැවින් හරක් කටාගේ ගෝල බාලයින් මත්කුඩු සමග වැඩි වශයෙන් කොටුවන බව සදහන්ය. සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම හා හරක් කටාගේ මත්කුඩු ජාලය බිද වැටීම අතර යම් සම්බන්ධයක් ඇතැයි ඒ අනුව බුද්ධි අංශ තුළ සැකයක් මේ වන විට ගොඩ නැගී ඇත. දැනට විශ්වාස කරන්නේ හරක් කටාගේ වෙඩිල්ලක් සන් ෂයින් සුද්දාට මරණය ගෙන දුන් බවයි.
කෙසේවෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත අදාළ ඝාතනය සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කොටපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මොහුට එරෙහිව මේ වන විටත් ඩුබායි හි අධිකරණයක මෙන්ම මාතර කොටවිල අධිකරණයේදී නඩු විභාගවෙමින් තිබෙන බව වාර්තා වෙයි.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.