කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පවසා සිටියේ කොවිඩ් වයිරසය වෙනස් වීම් වලට ලක් වෙමින් පැමිණ යම් දිනක එන්නත් වලට ක්‍රියා නොකරන තත්වයක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇති බවයි.
මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සඳහන් කළේ මේ වන විට පවතින කොවිඩ් ප්‍රභේද වල ජාන විකෘති වීම් සමඟ කොරෝනා රෝග ලක්ෂණ වෙනස් විය හැකි බවත් දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තියේ වැඩිවීමක් ඉදිරියේ දී දැකගත හැකිවේ යැයි අනුමාන කරන බවත් ය.
තවදුරටත් අදහස් දැක්වූ ඇය ඇල්ෆා ප්‍රභේදය සමග සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණය වැඩිපුර දක්නට නොලැබුණද මේ දිනවල වාර්තා වන කොවිඩ් ප්‍රභේදවල රෝග ලක්ෂණ ලෙස හෙම්බිරිස්සාව, කැස්ස, උගුර රිදීම, උණ සහ ගඳ සුවඳ නොදැනීම වැඩිපුර දක්නට ලැබෙන බවත් පැවසුවාය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.