නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පවසා සිටියේ නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් නුවර 'ලින්මොල්' සුපිරි වෙළඳ සංකීර්ණයේ පිහි ප්‍රහාරයක් සිදුවුණු බවත් පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයකු බවත්, ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයකු යැයි සැක කරන බවත්ය.
නවසීලන්ත පුවත් සේවා පෙන්වා දෙන්නේ ප්‍රහාරයෙන් 6 දෙනකු තුවාල ලබා ඇති බවත් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත්ය.
පිහි ඇනුම් සිදු කළ තැනැත්තා ප්‍රහාරය සිදුකර තත්පර 60 ක් තුළ පොලිසිය කළ වෙඩි තැබීමෙන් මියගිය බව ද අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර තිබේ.
ප්‍රහාරය එල්ල කළ තැනැත්තා 2011 දී එරටට පැමිණි 32 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහුගේ බටහිර විරෝධය මෙන්ම තනි වෘකයකු (lone wolf )ලෙස ISIS කෙරෙහි ඔහුගේ තිබෙන දැඩි අන්තවාදී අදහස් හේතුවෙන් 2016 සිට ඔහු දිගටම නිරීක්ෂණයට ලක් කර තිබෙන අතර ඇතැම් අවස්ථාවලදී එරට අත්අඩංගුවට ද පත්වී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.