පවතින සංචාරණ සීමාවල ප්‍රතිඵල දැක ගැනීමට නම් අවම වශයෙන් තවත් සති දෙකක්වත් රට මෙලෙස අගුළු දැමිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ මහජනතාව සෞඛ්‍ය නීතිරීති නිසි ලෙස පිළිපදින්නේ නම් ආසාදිත වන පිරිස අඩු වී රට නැවත ඉක්මනින් විවෘත කළ හැකි බවයි.
ඔක්තෝම්බර් මාසයේ මැද භාගය වන විට එන්නත්කරණ වැඩපිළිවෙළ අවසන් වුවහොත් ඔක්තෝබර් අවසානය වන විට රට නැවතත් යථා තත්වයට පත්වනු ඇති බව ඔහු සඳහන් කළා.
තෙවන එන්නත් මාත්‍රාවක් ලබා දීම පිළිබඳව අවසන් තීරණය තවමත් ගෙන නොමැති බවත් රට තුළ රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමට හේතුව ඩෙල්ටා ප්‍රභේදය බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.