සැකකාර 18 හැවිරිදි සිසුවකු අන්තර්ජාල ගේම් වලට ඇබ්බැහි වී නිවසේ ලක්ෂ ගනනක රන්බඩු හා යතුරු පැදියක් රහසේ විකුණා දමමින් මෙම ක්‍රීඩාවේ නිරත වු සිද්දියක් සම්බන්ධව අද දින අත් අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි.
මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අපොස උසස් පෙල හදාරණ සිසුවකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
මාරවිල කටුනේරිය ප්‍රදේශයෙන් මෙම සිද්ධිය පිළිබඳව අනාවරණය වි ඇති අතර අදාල සිසුවාගේ මව සහ පියා ඉතාලියේ රැකියාවට ගොස් සිටී. සැකකරු සීයා හා මිත්තනියගේ රැකවරණය යටතේ ජිවත් වන බව මූලික පරික්ෂණවලින් අනාවරණය වි ඇත.
එම යුවළගේ එකම පුත්‍රයා වන මොහු මේ වන විට අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටිම සදහා ඔහුගේ පරිඝණකයෙන් අධ්‍යන කටයුතු සිදුකරන අතරතුර ක්‍රීඩාවට හුරුවී ඇත.
මොහු අන්තර්ජාලය හරහා මුදලට ගේම් ගැසිමේ ක්‍රීඩාවට ඇබ්බැහි වි ඇති බව පොලිසිය පවසයි. මෙම සිසුවාගේ නිවසේ තිබු ලක්ෂ ගණනක් වටිනා යතුරු පැදිය එකවර අතුරුදහන් විමත් සමග එය අනාවරණ වි ඇත.
මෙම යතුරු පැදිය නිවසේ ගරාජයේ තිබියදි අතුරුදහන් විමේන් පසු සිසුවාගේ මිත්තනිය හා සියා මාරවිල පොලිසියට පැමිනිලි කර ඇති අතර එම සිද්දිය පිළිබදව මාරවිල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික විජේසිංහ මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ .
මෙම සිසුවා එක්වරකට විශාල මුදලක් වැය කරමින් මෙම අන්තර්ජාල ගේම් වලට ඇබ්බැහි වි ඇති බවත් පලමුව නිවසේ තිබු සිසුවාගේ ලක්ෂ 4කට ආසන්න යතුරු පැදිය එක් ලක්ෂ පනස් දහසකට විකුණා දමා ඇති බවත් පොලිස් කණ්ඩායම් අනාවරණය කර ගෙන ඇත.
පොලිසිය දිගින් දිගටම කල විමර්ශන වලින් පසුව අනාවරණය වි ඇත්තේ මෙම සිසුවා තම මවගේ හා මිත්තනියගේ ලක්ෂ පහකට වැඩි වටිනාකමින් යුත් රන් ආභරණද සොරකම් කර එයින් ලැබුන මුදලින් පරිගණක ගේම් වල නිරත වි ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.