කොවිඩ් 19 වෛරසය පිළිබඳ රජයේ ප්‍රතිචාර විවේචනය කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් මාධ්‍යවේදීන්,රජයේ නිලධාරීන්, වෛද්‍යවරුන් සහ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට හිරිහැර කිරීම සහ තර්ජනය කිරීම ශ්‍රී ලංකා රජය නතර කළ යුතු බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) නිවේදනය කරනවා.
ඒ පසුගිය කාලය තුළ ඇති වූ සිද්ධි කිහිපයක් මුල් කරගනිමින්.
වසංගතය පාලනය කිරීමට රජය කටයුතු කරන ආකාරය සහ ඇන්ටිජන් පරීක්ෂණවල ඉහළ මිල ගණන් පිළිබඳව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී අදහස් පළකළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පසුගිය 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
මීට පෙර, කොවිඩ් රෝගීන්ගේ දැඩි ඉහළ යාම නිසා අවිස්සාවේල්ල රෝහලේ පවතින අර්බුදය පිළිබඳ විවේචනාත්මක ප්‍රකාශයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය නජිත් ඉන්දික මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇත.
එමෙන්ම පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී සහ මෙම වසරේ ජූනි මාසයේදී පොලිස් ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයට අනුව පරිගණක අපරාධ පනතේ විධිවිධානවලට (CCA) අනුකූලව කොවිඩ් වෛරස ව්‍යාප්තියට එරෙහිව සටන් කරන නිලධාරීන් පිළිබඳ අසත්‍ය හෝ අපහාසාත්මක ප්‍රකාශ පතුරවන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලිස් බලධාරීන් නිවේදනය කළා.
එම ICJ නිවේදනය-
https://www.icj.org/sri-lanka-covid-19-restrictions-should-not-undermine-freedom-of-expression/
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




