කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ දක්වා මියගිය පුද්ගලයන් අතරින් 7,587 දෙනෙකු ම අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය වන අතර සමස්ත මරණ ප්‍රතිශතය සලකා බැලීමේදී එය 80.7% ක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස අතරින් මේ වන තෙක් මරණ වාර්තා වී ඇත්තේ 388 ක් පමණක් වන අතර එය සමස්ත මරණ ප්‍රතිශතයෙන් 4.1% ක්.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම සරල දත්ත අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට එන්නත ලබා ගැනීමේ වැදගත්කම පැහැදිලි වන බවයි.
එම නිසා වයස අවුරුදු 60 ට වැඩි දෙමාපියන්, වැඩිහිටියන් හෝ ඥාතීන් තවමත් එන්නත් කර නොමැති නම් හැකි ඉක්මනින් එන්නත ලබා ගැනීමට ඔවුන්ව දිරිමත් කරන ලෙස වෛද්‍යවරයා අවධාරණය කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




