මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.
ඉන්දියාවේ විශාකාපට්නම් සහ චෙන්නායි සිට අදාළ ඔක්සිජන් තොග රැගත් යාත්‍රාවක් කොළඹ වරායට සේන්දු වි ඇතැයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.
ඉන්දිය රජයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය මාසයේ මැද සිට ඉන්දීය රජය ශ්‍රී ලංකාවට හදිසි ඔක්සිජන් සැපයුම් ලබා දීම සිදු කරමින් සිටින අතර මෙහි පළමු පියවර යටතේ ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අගෝස්තු 25 වැනිදා ද්‍රව වෛද්‍ය ඔක්සින් ටොන් 100 ක් කොළඹ වරායට රැගෙන ආවේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.