කොරෝනා වසංගත තත්වය මැඩලීම සදහා ශ්‍රී ලංකාව විසින් චීනයෙන් මිළදී ගත් " සයිනොෆාම් " එන්නත් ලක්ෂ 40 න් , එහි පළමු කොටස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒන ලදි.
ශ්‍රී ලංකාව විසින් මේ වනවිට චීනයේ " සයිනොෆාම් " එන්නත් මාත්‍රා දෙකෝටි විසි ලක්ෂයක් 220,00,000 ක් (මිලියන 22 ක් ) මිළදී ගෙන ඇති බ , මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පවසන්නේ එළඹෙන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් - V " එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට එම එන්නත් එක් ලක්ෂ විසි දහසක් (120,000 ) ක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට , රුසියානු ගැමලෙයා එන්නත් නිෂ්පාදන ආයතනය පොරොන්දු වී ඇති බවයි.
The consignment of four million doses vaccine from 🇨🇳 touched down at BIA earlier this morning.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) September 5, 2021
Ammo Reloading for the 🇱🇰 #vaccination war against #COVID19SL pic.twitter.com/j3lvUaYquQ
Backing the latest expansion of #SriLankan #VaccinationDrive, #Sinopharm has confirmed to deliver four million doses of vaccines to #lka on 4 September. Largest reception on a single day.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) September 2, 2021
Total supply from 🇨🇳 to 🇱🇰 will come to 22 million doses, one+ jab each for the island. pic.twitter.com/oPCkcDWSXn
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.