ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන් ගේ බිරිය "හීන් මැණික්" කොවිඩ් ආසාදිත ව රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) රාත්‍රියේ මිය ගියාය.
"හීන් මැණිකේ" කොවිඩ් නිවුමෝනියා තත්ත්වය ඇති වීමේ හේතුවෙන් මහියංගන රෝහලට ඇතුළත් කකරන ලදී. පසුව පෙරේදා (02) පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) රාත්‍රී මෙසේ මිය ගියාය.
දරුවන් නව දෙනෙකුගෙන් මෑණියන් වූ හීන් මැණිකේ ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිත ව මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබුවේ 29වැනිදාය.
ඉකුත් 18 වැනිදා හීන් මැණිකේ සහ වන්නිල ඇත්තන් මී පැණි පූජාව සඳහා දළදා වහන්සේ වැඳ පූදා ගැනීමට පැමිණ සිටි බව ද වාර්තා වෙයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.