ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවේ පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැති බවයි.
මහාචාර්යවරිය සඳහන් කළේ බොහෝ බටහිර රටවල් ආසාදිතයන් වැඩි වූවත් පාසල් විවෘත කළ බවත් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මේ වසරේ මැයි මාසය වනවිට පාසල් වසා දමා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක් පමණක් බවත්ය.
යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හෙන්රීටා ෆෝ සහ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්‍රි අසෝලේ උපුටා දක්වමින් ඇය මෙම තොරතුරු ඉදිරිපත් කල අතර ලබන ජනවාරිය දක්වා දරුවන් ගෙවල්වල තබා ගැනීමට මවුපියන් එකඟදැයි නීලිකා මලවිගේ මහත්මිය පෙරළා ප්‍රශ්න කළාය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.