සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ තිරිඟු පිටි (පාන් පිටි) හිඟයක් ඇති වීම නිසා පිටි මිල ද ඉහළ ගොස් ඇති බවයි.
මේ දිනවල බේකරි කර්මාන්තකරුවන්ට ද ඉල්ලුමට සරිලන ලෙස පිටි සැපයුම නොලැබෙන බව එමහතා කීය.
බේකරි කර්මාන්තයට බහුලව යොදාගන්නා පිටි වර්ග පහෙන් සියයට 60 ක් පමණ යොදාගන්නා තිරිඟු පිටි වර්ගයේ මිල රුපියල් 12 කින් වැඩි කර ඊයේ එය නැවත පැවති මිලට පත්කර ඇති බව කී ජයවර්ධන මහතා කෙසේ වෙතත් සෙසු පිටි වර්ග හතර වැඩි කළ මිලේම පවතින බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.
පාරිභෝගිකයෝ පවසන්නේ පිටකොටුව තොග වෙළෙඳපොලේදී තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් එම වැඩි මිලට හෝ මිලදී ගැනීමට පිටි නොමැති බවය
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.