ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් ජීවිතක්ෂයට පත්ව තිබේ. මොහු එල්ටීටීඊ සංවිධානයේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කරන ලදී.
මිය යන විට අසූ පස් වන වියෙහි පසු වූ මොහු යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
හිටපු තැපැල් නිලධාරියකු වන ඒ මහතා කෝපායි ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රැඳී සිටියදී ඊයේ (05) පස්වරුවේ ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ එම සංවිධානයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ අතර ඔහු කොටි සංවිධානය දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් සමග ද සමීපව කටයුතු කර තිබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.