සමුපකාර සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසුවේ තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බවයි.
කොළඹදී ඊයේ(5) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹුණු බවයි.
2016 වසරේදී තිරිඟු පිටි කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස රුපියල් අසූ හතක් රජය නියම කළේය. සමාගම් කාලයක සිට රජයෙන් තිරිඟු පිටි මිල වැඩි කරන ලෙස ඉල්ලීම් කළ බවත් ඔහු පැවසුවේය.
මේ මොහොතේ ජනතාව සිටින දුෂ්කර තත්වය සලකා මොනම ආකාරයකටවත් පිටි මිල වැඩි කිරීමට ඉඩනොදෙන බවත් මේ අවස්ථාවේදී පාන් පිටි මිල වැඩි කළහොත් බේකරි ආශ්‍රිත නිෂ්පාදන සියල්ල වැඩි වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පාන් පිටි මිල වැඩි නොකළ නිසා බේකරි ආශිත නිෂ්පාදන වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද සඳහන් කළේය
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.