ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් වන හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය.
හදිසි නීති රෙගුලාසි වලට පක්ෂව ඡන්ද 132ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 51ක් පමණක්වේ.සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙසේ පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
මෙම රෙගුලාසි පිළිබඳ විවාදය අද (6) උදේ 10.30ට ආරම්භවූ අතර මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් ඔවුගේ අදහස් දක්වන ලදි
ජනාධිපතිවරයා මෙම හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය සතියේදී නිකුත් කරන ලදි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.