මෙරටට පැමිණි එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන කාලය දින 14 අවසන් කළ විදේශිකයන්ට සංචාරක බුබුලෙන් ඉවත්වී රට පුරා සංචාරය කිරීමේ අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත.
ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් මෙම තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දෙනු ලැබ ඇත.
සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවේ මේ අනුව මෙම කරුණු සපුරන සංචාරකයන්ට නිරෝධායන කාලයේදීද රට පුරා ගමන් කිරීමේ හැකියාව උදා වන බවයි.
මෙරටට පසුගිය මාසයේදී සංචාරකයන් පන් දහස් හතළිහක් පැමිණ ඇති අතර කැනඩාව, ජර්මනිය, එංගලන්තය ,ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලින් එම සංචාරකයන් පැමිණ ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.