ඊයේ පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව හදිසි නීති ගේන්න හදන්නේ ඔවුන් සමග එක මේසේ වාඩි වී කන බොන ජාවාරම්කරුවන් පාලනය කිරීම සඳහා යැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කිරීමේ විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා පැවසුවේ "අර්බුද විසඳන්න ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත දෙවන කොටස ක්‍රියාත්මක කර තිබෙනවා.මේ හරහා ඕනෑම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ හැකියාව ජනපතිට ලැබෙනවා.වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නත් අධිකරණයට ඉදිරිපත් නොකර දිගු කලක් රඳවා ගන්නත් මෙි හරහා හැකියාව තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එමහතා සීනි මිල සහ හාල් මිල තීරණය කරන්න මේ බලය අවශ්‍යද?පාරිභෝගිකයන් ආරක්ෂා කරන මුවාවෙන් මේ කරන්නට හදන්නේ කුමක්ද?මේ අනීතික බලයක් අත්පත් කර ගැනීමක්"
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.