ඊයේ පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාවේ අංගයක් වන හෙයින් ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවට වගකීමක් තිබෙන බවයි.
"මේ මොහොතේ භාණ්ඩවල කෘත්‍රිම හිඟයක් මවා පෙන්වීම අශිෂ්ට ක්‍රියාවක් බව කිව යුතුයි.ඕනෑම නීතියක් පනවා මෙයින් ජනතාව ආරක්ෂා කිරීමට රජයට වගකීමක් තිබෙනවා.පක්ෂ පාට බේද නොබලා වෙළඳ මාෆියාව අප මර්දනය කරනවා. අද විපක්ෂය කරන්නේ රජය සමග එකතු වී වෛරසය විනාශ කිරීම නොව වෛරසය සමඟ එකතු වී රජය විනාශ කිරීමට උත්සාහ කිරීමයි"යනුවෙන් සරත් වීරසේකර මහතා සඳහන් කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.