දින කිහිපයක් ඇතුළත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
මෙම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වූ හේතූන් හඳුනාගෙන ඇති බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවා.
ඔහු මෙම අදහස් පල කළේ අද 10 දින පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට සහභාගීවූ අවස්ථාවේදීයි.
අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්ත කර සිටින උපාධිධාරීන් ගුරුසේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන්ගේ කැමැත්ත මත ගුරු සේවයට අනුයුක්ත කිරීම ගැන තීන්දුවක් ගන්නා බවද එහිදී ඇමතිවරයා පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




