උතුරු කොරියාව ජපානයේ බොහෝ ප්‍රදේශවලට පහර දීමේ හැකියාව ඇති නව දිගු දුර යාත්‍රා මිසයිලයක් අත්හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය ඊයේ (13) වාර්තා කළා.
සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම අත්හදා බැලීම් සිදුකර ඇති අතර එම මිසයිල උතුරු කොරියාවේ භෞමික මුහුදු සීමාවට වැටීමට පෙර ඉලක්ක වෙත පතිත වී ඇත.
කිලෝමීටර් 1500ක් (සැතපුම් 930) දුර ගමන් කළ හැකි මෙය න්‍යෂ්ටික යුධ හිසක් රැගෙන යා හැකි එරට පළමු දිගු දුර මිසයිලය බවයි වාර්තා වන්නේ.
පවතින ආහාර හිඟය සහ ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද උතුරු කොරියාව තවමත් ආයුධ නිපදවීමේ නිරත වන බව මෙම අත්හදා බැලීම් තුළින් පෙනී යනවා.
මෙම නවතම පරීක්ෂණ ජාත්‍යන්තර ප්‍රජාවට තර්ජනයක් බව එක්සත් ජනපද හමුදාව පවසන අතර අසල්වැසි ජපානය පවසන්නේ එය සළකා බැලිය යුතු තත්ත්වයක් බවයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවට බැලස්ටික් මිසයිල අත්හදා බැලීම තහනම් කර ඇති නමුත් මෙවැනි දිගු දුර මිසයිල අත්හදා බැලීමේ තහනමක් පනවා නැත.
Photograph: KCNA/Reuters
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




