15 හැවිරිදි දැරියකට මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන අතරවාරයේදී ඇගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයකු පානදුර දිග්ගල දී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
පෙති වර්ගයක් ශරීර ගත වීමෙන් පසු රෝගාතුරව සිද්ධියට මුහුණ පෑ දැරිය රෝහල් ගත කර ඇති අතර දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දුරකථනය කරන ලද පැමිණිල්ලකට අනුව එහි උපදෙස් අනුව පිලියන්දල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර විද්‍යා විෂය උගන්වන ගුරුවරයා අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින මෙම දැරිය කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබයි. වැඩිදුර අධ්‍යාපනය සඳහා සැකකාර ගුරුවරයා උගන්වන මහරගම උපකාර පන්තියකට යොමු කර තිබෙන බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
සැකකාර ගුරුවරයා 35 හැවිරිදි විවාහක දරුවන් ද සිටින තැනැත්තෙක් බවත් නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනය ඔස්සේ විද්‍යා විෂය අධ්‍යාපනය ලබා දෙන ලදී. පොලිසිය කරන ලද මුලික පරීක්ෂණවලින් අනාවරණය වි ඇත්තේ මෙම දැරියට වෙනත් කාන්තාවගේ උඩුකය නිරුවත් ඡායාරූප සහ වෙනත් ඡායාරූප ඒවා ඒ ආකාරයෙන් එම දැරියගෙ උඩුකය නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




