පිළියන්දල කොළමුන්න කාමරයක දින දෙකක් තිස්සේ රඳවාගෙන, සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවකට අමානුෂික ලෙස පහරදුන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුක්ත මොරටුව පොලිසියේ විශේෂ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලද කාන්තාව රෝහල් ගත කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පහරකෑමට ලක්වූ කාන්තාව විවාහක තැනැත්තියක් වන අතර කොස්තාපල්වරයා අවිවාහක පුද්ගලයකු බව පොලිසිය කියයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනා දැන හඳුනාගැනීමෙන් අනතුරුව කොස්තාපල්වරයා කාමරයක් කුලියට ගෙන පිළියන්දල ප්‍රදේශයේ එම කාන්තාව සමග ගත කර ඇති බවත් සැකකාර කොස්තාපල්වරයා එම කාන්තාවට දින දෙකක් තිස්සේ වැසිකිලියට හෝ යාමට ඉඩ නොදී පහරදීම සිදුකර ඇති බවත් ඇයගේ නාසය මෙන්ම ශරීරයේ ස්ථාන කිහිපයක්ම දැඩිලෙස තුවාල වී ඇති බවත්ය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




