බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් සතියේ දිනක බන්ධනාගාර මූලස්ථානයට අයුතු ලෙස ඇතුළු වී ඇත.
බන්ධනාගාරය තුළට මෙම රාජ්‍ය අමාත්‍යවරයා පැමිණ ඇත්තේ සිය පිස්තෝලේ ද කරකවමිනි. ඔහුගේ තවත් බීමත් මිතුරන් කිහිපදෙනෙකුද මේ සමගින් පැමිණි බව ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග සඳහන් කරන පරිදි රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස දැඩිව බීමතින් සිටි බැවින් සහ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කොට කලිසම් වලින් සැරසී සිටි බැවින් බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට බන්ධනාගාරය තුළට පිවිසීමට ඉඩ ලබාදී නොමැත. එහිදී මෙම පිරිස බංගලාව කළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් තරමක වේලාවක් බන්ධනාගාරය තුළ ඇවිදිමින් කල්ගත කළ මෙම පිරිස පසුව ඔවුන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථ වලින් බන්ධනාගාරයෙන් පිටව ගිය බවත් එම ආරංචි වල සඳහන් වේ.
බීමතින් සහ අසංවරය ඇදුමින් සැරසී පැමිණෙන්න කිසිවකුටත් බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව බන්ධනාගාරය තුළට ඇතුළු වීමට ඉඩ නොමැත.
රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු මෙම පිරිස සිදුකළ විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසට බන්ධනාගාර නිලධාරින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමට ද සූදානමක් ඇතැයි වාර්තා වේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ( පාලන) චන්දන ඒකනායක මහතා කියා සිටියේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




