ඔක්තෝබර් 1 වන සිකුරාදා අළුයම 4 දක්වා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ කොවිඩ් මර්දන කමිටුව අද (17) පැවති සාකච්ඡාවේදී එම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, ආර්ථිකයට බලපාන රජයේ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක වන බවත් එම කොන්දේසි ඉක්මනින් දැනුම් දෙනු ලබන බවත් ඔහු පවසයි.
සියළුම ජනතාව නිරෝධායන රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන මෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කර ඇත.
Conditional #Lockdown will continue till (01/10). However, government essential services impacting the economy will be allowed to function. Conditions to be notified soon. Pl adhere to the regulations, use this time to #GetVaccinated, #StayHome & #WearAMask.
— Keheliya Rambukwella (@Keheliya_R) September 17, 2021
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.