මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2271 දෙනෙක් ඊයේ (16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.
වසංගත රෝග විද්යා අංශය විසින් දැන් තහවුරු කර ඇති ආසාදිතයින් 2271 සමඟ 16.09.2021 දිනට සමස්ත ආසාදිතයන් සංඛ්යාව 4,98,694 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1336 දෙනෙකු සුවය ලබා ඊයේ (16) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 4,28,590ක් වනවා.
ඉන් ආසාදිතයින් 55,288 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.
ඊයේ තහවුරුවූ (15) දින සිදුවූ මරණ 118 ත් සමග මෙතක් මෙරට සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 11,817 දක්වා ඉහළගොස් ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.