වෛද්‍ය විශේෂඥයෝ සුරාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරති.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පැවසුවේ සුරාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බවයි.
සුරාසල් ඉදිරිපිට ජනතාව පොරකන දර්ශන දක්නට ලැබුණු බවත් මෙය සුබවාදී තත්වයක් ලෙස සැලකිය නොහැකි බවත් මින් කොවිඩ් පාලන වැඩපිළිවෙළට සිදුවන හානිය ඉතාම වැඩි බවත් පැවසූ ගුණරත්න මහත්මිය පාසල් ඉක්මනින්ම විවෘත කිරීමට ඇති අවස්ථාවද මෙමගින් දීර්ඝ විය හැකි බව පෙන්වා දුන්නාය.
පද්මා ගුණරත්න මහත්මිය තවදුරටත් පැවසුවේ රෝගය පාලනය කර රට කොළපාට දක්වා යන ගමනට මෙය හානිකර බවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසුවේ ඇඳිරිනීතිය දීර්ඝ කිරීමෙන් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.