කටුනායක ගුවන්තොටුපොට ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලැබී ඇත්තේ ව්‍යාජ ව්‍යාජ විද්‍යුත් පණිවිඩය (Fake e-mail) ක් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කරනවා.
රටේ ආරක්ෂාව හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනය සිය රාජකාරි නිසි ලෙස ඉටු කරමින් සිටින බැවින් කටුනායක ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ලැබී ඇති ව්‍යාජ විද්‍යුත් පණිවිඩය ගැන ජනතාව කිසිදු කලබලයක් විය යුතු නැතැයි හෙතෙම පවසනවා.රට තුළ පවත්නා සාමය කඩාකප්පල් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොතබන බව ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කරනවා.
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇති විද්යුත් පණිවිඩය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටියා.
පෞද්ගලික ලාභයක් තකා කොළඹ පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබූ සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන පොලිසිය විසින් කරන බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.