පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක වෙසෙන 30,000කට අධික පිරිසක් පවතින වියලි කාලගුණික තත්වය හේතුවෙන් මේ දිනවල බීමට ගනු ලබන්නේ බවුසරයෙන් සැපයෙන ජලය බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ඊයේ (18) ප්‍රකාශ කලේ වැලිකන්ද. දිඹුලාගල,හිඟුරක්ගොඩ, තමන්කඩුව,ලංකාපුර,මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම පානීය ජල හිඟය බලපා ඇති බවයි.
එයින් වැඩිම පිරිසක් අයත්වනුයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බවත් එහි ග්‍රාම නිලධාරී වසම් 11ක වෙසෙන පවුල් 4659කට අයත් පුද්ගලයන් 14700ක් පානීය ජල හිඟයෙන් පීඩා විඳින බවත් එමහතා පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.