ආසාදිතයින් 57,101 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය
ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා. ඊයේ ඒම සංඛ්‍යාව 56,134 කි
මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,986 දෙනෙක් ඊයේ (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා. සිදුකරන ලද පී. සී. ආරි. පරීක්ෂණ ගණන 9,654 කි.
වසංගත රෝග විද්යා අංශය විසින් දැන් තහවුරු කර ඇති ආසාදිතයින් 1986 සමඟ 18.09.2021 දිනට සමස්ත ආසාදිතයන් සංඛ්යාව 5,02,758 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ්-19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1260 දෙනෙකු සුවය ලබා ඊයේ (18) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 4,31,036ක් වනවා.
ඊයේ තහවුරුවූ (17) දින සිදුවූ මරණ 84 ත් සමග මෙතක් මෙරට සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 12,022දක්වා ඉහළගොස් ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.