පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට එළඹෙන අඟහරුවාදා භාරදීමට නියමිතයි.
ඉල්ලා අස්වන ලෙස පවසමින් දිගින් දිගටම එන බලපෑම් හමුවේ තමාට ස්වාධීනව රාජකාරී කිරීමට නොහැකි නිසා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් තමාට ආයතනයෙන් ලබාදුන් රියදුරු සහ වාහනය පවා මේ වන විට නැවත භාරදී ඇති බවත් තුෂාන් ගුණවර්ධන මහතා පවසනවා.
සීනි,පිටි,උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශියක් වංචා සහගත ලෙස පිට කෙරෙන බවත් සුදු ලූනු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිට කිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් තමන් වෙත බලපෑම් එල්ල වන බව ඔහු කියා සිටියා.
අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සතොස මගින් ගෙන්වූ සුදු ළූණු වෙනත් ආයතනයකට විකුණා එයින් ම යළි සතොසට සුදු ළූණු මිලදී ගත් අතර මෙම සිද්ධියට දැනට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා පමණක් නොව ඉහළ පුද්ගලයන් පවා එම සිද්ධියට සම්බන්ධ බවයි.
එපමණක් නොව වැඩ තහනමට ලක් කරන නිලධාරීන් ජනතාවට අමතක ව ගිය පසු යළි සේවයේ පිහිටුවන බවත් ඔහු ප්‍රකාශ කළා.
දේශපාලන පත්වීමක් හරහා පත් වුවත් තමාට හැකි අයුරින් දූෂණ වංචා මැඩලීමට උත්සාහ කළ අතර සමහර දේශපාලනඥයින් සමග එය කළ නොහැකි බැවින් තමා තවදුරටත් මෙම තනතුරේ රැඳී සිටීම පලක් නොවන බව ඔහු පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.