අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට තමා වෙත දැනුම්දීමක් කර ඇතැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශය සිදුකරන විමර්ශනයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා මෙම කැදවීම සිදු කර ඇත.
නානායක්කාර මහතා කියා සිටියේ තමා එහි කැඳවා ඇත්තේ කුමන පැමිණිල්ලක් සම්බන්ධයෙන්, කවරාකාරයේ විමර්ශනයකට දැයි සදහන් කර නැති බවයි.
විමර්ශන අධිකාරියක් විසින් සිදුකරනු ලබන ඕනෑම නීත්‍යානුකූල විමර්ශනයකට අදාලව සාක්ෂි ලබාදීමටත්, එකී පරීක්ෂණ ඉදිරියට ගෙන යාමටත් උපරිම සහාය ලබාදීමට සෑම විටම බැදී සිටින බව ද එහෙත් සිදුවන විමර්ශනය පිළිබද නිසි කරුණු දැක්වීමකින් තොරව කරනු ලබන කැදවීමක් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය උපදෙස් පැතිය යුතුව ඇති බවද මනුෂ නානායක්කාර මහතා කීය.
නානායක්කාර මහතා තවදුරටත් සඳහන් කරේ මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග සාකච්ඡා කර නීති උපදෙස් පරිදි ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.