වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහලින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 07ක් කාන්තා අංශයේ රාජකාරී නියුතු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ පසුගිය 14 හා 15 යන දිනයන්හි දී මෙම පාර්සල් අත්අඩංගුවට ගත් බවයි.
හෙතෙම කියා සිටියේ මෙම පාර්සල් 7 තුළ තිබී අයිස් මත් ද්‍රව්‍ය යැයි සැකකළ හැකි පැකට් 01 ක් , ජංගම දුරකථන 02 ක්,සිම්පත් 01 ක්,මත්පෙති බවට සැකකළ හැකි පෙති 35 ක, ජංගම
දුරකථන බැටරි 01 ක් තිබූ බවයි.
අත්අඩංගුවට ගන්නා ලද තහනම් ද්‍රව්‍ය සහ පාර්සල් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.