ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සඳහා ජපන් රජය විසින් පසුගිය ජුනි මාසයේ පනවන ලද සංචාරක තහනම අද (20) සිට ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින සහ නේපාලය සඳහා පනවා තිබූ සංචාරක තහනම මෙලෙස ඉවත් කර තිබෙනවා.
එමෙන්ම මෙම රටවල සංචාරකයින් පූර්ණ එන්නත් මාත්‍රාවන් ලබාගෙන සිටිය යුතු අතර දින තුනක් රජයේ අනුමත හෝටලයක ස්වයං නිරෝධායනය වීමෙන් පසුව සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු විය යුතුයි. යම් පුද්ගලයෙක් ආසාදිතයකු බවට තහවුරු වුවහොත් දින 14ක් රජයේ පිළිගත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතු බවට ජපන් රජය සිය කොවිඩ් මාර්ගෝපදේශන මාලාව යාවත්කාලීන කරමින් නිවේදනය කරනවා.
ඉහත රටවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජපන් රජය මෙම තීරණය ගෙන ඇති අතර වසංගත ව්‍යාප්තිය පාලනය කර ඇති බැවින් සංචාරක තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.