ඔක්තෝබර් 13 සහ 14 දෙදින තුළ එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20 යි 20 තරඟාවලිය අතහැර දැමීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී එම තරඟවලිය පැවැත්වීමට නියමිතව තිබූ බව වාර්තා විය.
පන්දුවාර 20 යි 20 තරඟ දෙකක් එංගලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්තානය කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට සැලසුම්කර තිබුණු අතර එම 20 යි 20 තරඟ දෙකෙන් පසුව එංගලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්තානය කාන්තා කණ්ඩායම තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියක් පැවැත්වීමට නියමිතව තිබූණි.
එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එම සියලුම තරඟ අතහැර දැමීමට තීරණය කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.