තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් සියලු ම භෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජය අවසර ලබා දී තිබෙනවා.
මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර දී තිබූ අතර ඔක්තෝබර් මාසය වන විට සියලුම භෝග වගාවන් සඳහා හිඟයකින් තොරව පොහොර ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඒ අනුව කාබනික පොහොර ආනයනය කිරීම සඳහා රජයේ පොහොර සමාගම් දෙකකට අවසර ලබා දී ඇති අතර ඉදිරියේදී පෞද්ගලික අංශයටද අවස්ථාව ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.