මෙම වසර අවසානයේ සිට ‘ලංකා ගෑස්’ නමින් නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලට සැපයීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මඟින් සැළසුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු පැවසීය.
එම නිලධාරියා සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සම්බන්ධ සමාගමක් ලෙස මෙම ගෑස් සමාගම ආරම්භ කරන බවත් මේ වන විටත් සිපෙට්කෝ සතුව ගෑස් ප්‍රමාණයක් තිබෙන බවයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් පිරිපහදුවෙන් අතුරුඵලයක් ලෙස ලැබෙන එල්.පී. ගෑස් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ගෑස් ඉල්ලුමෙන් සියයට 5 ක් පමණ වන බවත් එම ගෑස් ප්‍රමාණය ප්‍රධාන ගෑස් සමාගම් දෙකට ලබාදීම අත්හිටුවා නව සමාගම හරහා බෙදාහරින බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.