රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පැවසුවේ මෙරට ජනගහනයෙන් සියයට 67 කට පමණ ප්‍රමාණයකට "බූස්ටර්" එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග ඇණවුම් කර ඇති බවයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ ඊට අදාළ අත්තිකාරම් මුදල්ද මේ වනවිට ගෙවා ඇති බවයි.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 62,008 දෙනකු 19 වනදා එන්නත්කරණයට ලක් කර ඇත.
ඉන් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 22, 644 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව පුද්ගලයින් 39,364 කට ලබා දී ඇත.
සෞඛ්‍ය අංශ පවසන පරිදි මෙරට පුද්ගලයින් එක් කෝටි තිස්හත් ලක්ෂයකට වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.