පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන මෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පොලිස්පතිවරයාගෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ, ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා කළ ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් මෙය නිර්දේශය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසුවේ වසර එක හමාරක් රට වරින් වර වසා තැබීමෙන් පොත්හල් ද වසා තැබීමට සිදුවූ නිසා පොත් ප්‍රකාශන කර්මාන්තයට ඛේදනීය තත්ත්වයකට මුහුණපෑමට සිදුව ඇති බවත් දිගින් දිගටම පොත්හල් වසා තැබුව ද සේවක වැටුප්, දීමනා මෙන්ම ගොඩනැගිලි කුලී ගෙවන බව ද එම නිවේදනයේ දැක්වේ.
තවද පොත්හල් දිගටම වසා තැබීම නිසා පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයට ද අහිතකර බලපෑම් එල්ලවී ඇති බවත් දරුවන්ට අවශ්‍ය පොත්පත් නැතිව මාර්ගගත අධ්‍යාපනයේ වුවද නියැලීමට නොහැකිවී ඇති බව ද එම ලිපියෙන් පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැහැදිලි කර ඇත.
පොලිස්පතිවරයා සදහන් කර ඇත්තේ එම කරුණු සැලකිල්ලට ගනිමින් පාසැල් දරු දැරියන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය පොත්පත් මිලදී ගැනීමට පොත්හල් විවෘත කර තැබීම සුදුසු බව නිර්දේශ කරන මෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බවයි
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




