සැප්තැම්බර් 15 වැනි සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන ජේ.පී.ආර්. කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබාගෙන ඇති හෙතෙම ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් වාණිජපති උපාධිය ලබාගෙන ඇත.
එක්සත් රාජධානියේ වරලත් කළමනාකාර ගණකාධීකාරීවරුන්ගේ සංගමයේ (CIMA) හී ආදී විද්‍යාර්ථියකු වන හෙතෙම ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙකි.
ශ්‍රී ලංකා මහ බැංකුව, සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ. දවුලගල මහත්මිය මීට පෙර එම තනතුර හෙබවූ අතර ඇය 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට එම තනතුර හෙබවූවා ය.
දවුලගල මහත්මිය මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස මාස 34ක කාලයක් ද මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ලෙස මාස 36ක කාලයක් ද තනතුරු හොබවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව දැක්වේ.
මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ට පවරන රාජකාරී, වගකීම් යනාදිය කළමනාකාරීත්වයේ සහ මහ බැංකුවේ අභිලාෂ හා අවශ්‍යතාවලට අනුව කලින් කලට වෙනස්වන බවයි.
නිලධාරීන් කලින් කලට මාරු කිරීමත් වෙනත් රාජකාරී පැවැරීමත් මූල්‍ය ආයතනයක අභ්‍යන්තර පාලනය පවත්වා ගැනීමටත් නිසියාකාරව පවත්වාගෙන යෑමටත් අත්‍යවශ්‍ය අංග බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




